බුෂ් පුතා හැඟීම්බරවෙලා



අභාවප්‍රාප්ත ඇමෙරිකා ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවසන් කටයුතු වොෂින්ටන් අගනුවරදී රාජ්‍ය ගෞරව සහිතව පැවැත්විණි.

දේශපාලන මත ගැටුම් පැවැතිය ද ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ බිරිඳ මෙලානියා ද හිටපු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියහ.

ඊට අමතරව, හිටපු අගමැතිවරුන් වන බිල් ක්ලින්ටන්, බැරැක් ඔබාමා පමණක් නොව, ජිමී කාටර් පවා ඔවුන්ගේ ආර්යාවන් ද සමඟ පැමිණ සිටියහ.

ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ පුතු හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ් (කණිෂ්ඨ) පියා ගැන විශේෂ ගුණ කථනයක් කළේය. පියා යහපත් පුද්ගලයකු බව කියමින් ඔහු වර්ණනා කරද්දී හැඟීම්බර විය.

ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ්ගේ අවසන් කටයුතු වෙනුවෙන් ඇමෙරිකාව ජාතික ශෝක දිනයක් ප්‍රකාශ කොට තිබුණු අතර විදෙස් තානාපති කාර්යාලවලට පවා නිවාඩු ලබා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS