ලෝක මීමැසි දිනය සමරයි



සෞදි අරාබිය ලෝක මීමැසි දිනය සැමරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

වාර්ෂික මී පැණි නිෂ්පාදනය ටොන් 5,000 දක්වා ළඟා වී ඇති බව මැයි 20 වන දිනට යෙදුනු ලෝක මී මැසි දිනය නිමිත්තෙන් පරිසර, ජල හා කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

දැනට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලියාපදිංචි වී සිටින මීමැසි පාලකයන්ගේ සංඛ්‍යාව 20,000 ඉක්මවා ගොස් ඇති බවත්, අමාත්‍යාංශය මඟින් ක්‍රියත්මක කළ ජාතික කෘෂි උපාය මාර්ගික සැලැස්ම විශාල ලෙස පිටිවහලක් වු බව අමාත්‍යාංශය පවසයි.

මීමැසි පාලන අංශයේ සාර්ථකත්වය සෞදි මීමැසි පාලකයන්ගේ උත්සාහය සහ විශිෂ්ටත්වය පෙන්නුම් කරයි.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මී පැණිවල ඉහළම ගුණාත්මක භාවය සාක්ෂාත් කර ගැනීමට ඔවුන් දක්වන කැපවීම සෞදි මී පැණි සඳහා ලොව පුරා කීර්තිමත් තත්වයක් ලබා දෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)

RECOMMEND POSTS