ඉරානය රුසියන් සහාය ඉල්ලයි



ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා චන්ද්‍රිකා දත්ත ලබාදී ටෙහෙරානය සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉරාන රජය රුසියාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉරාන් ඉන්ටර්නැෂනල් නාලිකාව වාර්තා කළේය.

නමුත් එම ඉල්ලීමට රුසියාව ප්‍රතිචාර දක්වා ඇත්ද යන්න තවමත් තොරතුරක් නැතැයි එම නාලිකාව ප්‍රකාශ කළේය. මීට පෙරද අවස්ථාවන් කීපයකදීම චන්ද්‍රිකා දත්ත ලබාදෙන ලෙස චීනයෙන් සහ රුසියාවෙන් ඉරානය ඉල්ලීම් කර තිබිණි.

ඉරානය ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසුව ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි  ප්‍රථම වතාවට යාඥාවක් මෙහෙයවීමට නියමිත අතර එහිදී ඔහු ප්‍රසිද්ධ දේශනයක් සිදු කිරීමටද නියමිතය.
එම දේශනයේදී ඉරානයේ ඉදිරි සැලැස්ම පිළිබඳ තොරතුරු රැසක් හෙළිවනු ඇතැයිද දේශපාලන විචාරකයන් මත පළකර තිබේ.

ඉරාන උත්තරීතර නායකයා   අවුරුදු 5 කට පසුව ප්‍රථම වතාවට සිකුරාදා දින යාඥාවක් මෙහෙයවීම එයට හේතුව බවද දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කළහ. මධ්‍යම ටෙහෙරානයේ ඉමාම් කොමෙයිනි පල්ලියේදී ඉරාන උත්තරීතර නායකයා එම යාඥාවක් පැවැත්වීමට නියමිතය.


RECOMMEND POSTS