ගාසාවේ දරුවන් 2500 ක් ඉවත් කරගන්න



ඊශ්‍රායල හමාස් අවි ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පලස්තීන දරුවන් 2,500 ක් ගාසා තීරයේ සිටින බවත්, ඔවුන් වහාම ගාසා තීරයෙන් ඉවත් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගත යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් පවසයි.

මෙම දරුවන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දීම කළ යුතු බවත්, ප්‍රතිකාර නොලැබෙන්නේ නම් ඔවුන් මරණයට පත් වීමේ අවදානමක් පවතින බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වැඩි දුරටත් අවධාරණය කර ඇත. ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය බලධාරීන්ට තුවාල ලැබූ එම දරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට ප්‍රමාණවත් ඖෂධ නොමැති බව ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS