කටාර් එමීර් ඉන්දියාවට



දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණියේය. 

නවදිල්ලි ගුවන්තොටුපොළට පැමිණි, කටාර් එමීර්වරයා පිළිගැනීමට මෝදි ගොස් සිටියේය. මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පවසා තිබුණේ කටාර් එමීර් ඉන්දියාවේ සමීපතම මිතුරකු බවත්, ඔහු තමන්ට තමන්ගේ සහෝදරයකු හා සමාන බවත්ය.

එමීර්වරයා වැලඳගනිමින් ඔහු උණුසුම් අයුරින් පිළිගැනීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය.

එම අවස්ථාවට ඉන්දීය රජයේ අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයෝ ද සහභාගී වී සිටියහ. කටාර් එමීර් ෂෙයික් තමීන් බින් හමාද් අල් තානී පිළිගැනීම සිදුවූයේ හමුදා ගෞරව මධ්‍යයේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS