කටාර් එමීර් ඉරානයේ



ඉන්දීය සංචාරය නිමා කරමින් ආපසු යන අතරතුරේ, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, ඉරානයේ ටෙහෙරාන් අගනුවරට පැමිණියේය. ඉරාන ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන්ගෙන්, එමීර්වරයාට හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

ඉරානයත් කටාර් රාජ්‍යයත් අතරේ ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන්, නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. පසුව, කටාර් එමීර්වරයා සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනි අතරේ ද සාකච්ඡාවක් පැවැත්විණි.

ඉරානයත් කටාර් රාජ්‍යයත් අතරේ සබඳතාවලට අමතරව, කලාපීය ආරක්ෂාව, කලාපීය රටවල් මුහුණ දෙන අභියෝග සහ කලාපීය රටවල සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS