වසර 11 කට පසු ඉරාන ජනපතිවරයෙක් ඊජිප්තුවේ



ඉරානයේ මධ්‍යස්ථමතධාරී ජනාධිපති මසූඩ් පෙසෙෂ්නියන්, ඊජිප්තු සංචාරයකට යෑමට නියමිතය. ඉරාන ජනාධිපතිවරයකු මෙසේ ඊජිප්තුවට යනු ඇත්තේ, වසර 11 කට පසුවය.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ ඊජිප්තුවේ කයිරෝ අගනුවර බලා යන්නේ, ඊජිප්තු ජනාධිපති අල් සීසීගේ ආරාධනාවකට අනුවය. ඉරාන ඊජිප්තු ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමෙන් පසු ඉරාන ජනාධිපතිවරයා ඊජිප්තුවේ දී පැවැත්වෙන ‘ඩී8’ සමුළුවට සහභාගී වනු ඇතැයි පැවැසෙයි.

‘ඩී8’ සමුළුව යනු, සංවර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහයෝගීතා එකමුතුවය. ඊට, ඉරානය, ඊජිප්තුව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව, නයිජීරියාව, පාකිස්තානය, තුර්කිය යන රටවල් අයත් වෙයි.


RECOMMEND POSTS