සතියක් තුළ 20,159ක් අත්අඩංගුවට අරන්
සෞදි ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකින් පුද්ගලයින් 20,159ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
නේවාසික වීසා උල්ලංඝනය කළ පුද්ගලයින් 11,302ක්ද, දේශසීමා උල්ලංඝනය කළ පුද්ගයින් 5,652ක්ද, කම්කරු නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3,205ක් අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී පුද්ගලයින්ව ප්‍රවාහනය කළ, නවාතැන් සැපයු සහ සේවයේ යෙදවු පුද්ගලයන් 17 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලයින්ට නීතිවිරෝධී ලෙස සෞදි අරාබියට ඇතුළුවීමට පහසුකම් සපයන, ඔවුන්ව ප්‍රවාහනය කරන, නවාතැන් හෝ වෙනත් ආධාර හෝ සේවාවක් සපයන ඕනෑම පුද්ගලයෙකුට වසර 15 දක්වා සිර දඬුවම් සහ දඩයකට යටත් විය හැකි බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය අනතුරු අඟවා තිබේ.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - රියාද් නුවර)