ට්‍රම්ප් යෝජනාවට දැඩි විරෝධයක්
ගාසා තීරයේ වෙසෙන පලස්තීන වැසියන්, ගාසා තීරයෙන් ඉවත් කර, ජෝර්දානයේ හෝ ඊජිප්තුවේ හෝ පදිංචි කරවා, ඊශ්‍රායල පලස්තීන ගැටලුව විසඳීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජනාව පලස්තීන වැසියන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇත.
ට්‍රම්ප් මාධ්‍ය හමුවේ වැඩි දුරටත් පවසා ඇත්තේ පලස්තීන වැසියන් ඉවත් කරමින් ගාසා තීරය පිරිසුදු කළ යුතු බවටය. ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී ඇමෙරිනා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහාය හිමිවන්නේ යුදෙව් ඊශ්‍රායලයටය.
මේ වනවිට ඊශ්‍රායලයත් හමාස් සංවිධානයත් අතරේ ඇතිකරගත් සාම ගිවිසුමට අනුව, සටන් විරාමය දිගටම ක්‍රියාත්මක වෙයි. එම සටන් විරාමය යටතේ, හමාස් සටන්කාමීන්, ඔවුන්ගේ ග්‍රහණයේ සිටි, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් කීප දෙනකු මේ වනවිට නිදහස් කර ඇත. එසේ මුදා හැරුණු ප්‍රාණඇපකරුවන්ගේ ඥාතීන්, එම මෙහෙයුමට ලබාදුන් සහාය වෙනුවෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ස්තූතිය පළ කර ඇත.
(ඒ.එෆ්.පී.)