එමිරේට්ස් තානාපති කාර්යාලය යලි විවෘත කරයි
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් අලුතින් පත් වු ලෙබනන් ජනාධිපති, ජෝසප් අවුන්ට දුරකථන ඇමතුමක් ලබාගනිමින් සුබපැතුම් එක්කර ඇති බව වාර්තා වේ.
ඇමතුම අතරතුර, බේරූට් හි එමිරේට්ස් තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට අවශ්‍ය පියවර ගැනීමට දෙපාර්ශ්වයම එකඟ විය.
ඉදිරියේදි ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ලෙබනනයට දක්වන සහයෝගය සම්බන්ධයෙන් ලෙබනන් ජනාධිපති, එමිරේට්ස් ජනාධිපති, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ට ප්‍රසංශා කළේ ය.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)