සිරියාවේ නව ජනාධිපති සෞදි කුමරු හමුවන්න යයි
සිරියානු අන්තර්වාර රජයේ නව ජනාධිපති ලෙස එම ධුරය බාරගත්, සන්නද්ධ නායක අහ්මද් අල් ෂාරා සෞදියේ රියාද් නුවරට පැමිණියේය. අහ්මද් අල් ෂාරා, සෞදියට පැමිණියේ සෞදියේ මොහොමද් බින් සල්මාන් කුමරුන්ගේ ඇරැයුමකට අනුවය.
සෞදි කුමරුන්ගෙන් සිරියානු නව ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවුණු අතර, අහ්මද් අල් ෂාරා ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු විදෙස් සංචාරයක නියැලුණු පළමු අවස්ථාව වන්න් මෙයයි.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සිරියාවේ බලය අල්ලා ගැනීමට සහාය දුන් ‘හයියාත් තහ්රීර් අල් ෂාට්’ සටන්කාමීන්ට නායකත්වය දෙන්නේ නායක අහ්මද් අල් ෂාරාය.
‘හයියාත් තහ්රීර් අල් ෂාට්’ යනු සුන්නි මුස්ලිම් ඉස්ලාමීය සටන්කාමී කල්ලියකි. මොවුන් අල් කයිඩා සාමාජිකයන් වන අතර, සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වෙද්දී මොවුන් පෙනී සිටියේ ‘අල් නුස්රා’ යන නමිනි. සිරියාවේ සියලු ජන කොටස් නියෝජනය කරමින්, නව ව්‍යවස්ථාවක් හඳුන්වා දී, මැතිවරණ පැවැත්වීමට වසර දෙකක් පමණ ගත වනු ඇතැයි නව අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා, අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)