ගාසා අත්පත් කරගැනීමේ සැලැස්මට කැපවෙනවා
පලස්තීනුවන් වෙසෙන ගාසා තීරය අත්පත් කර ගැනීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට තමන්ගේ පූර්ණ සහාය හිමිවන බවත්, එය යථාර්තයක් බවට පත් කර ගැනීමට තමන්ගේ සහාය හිමිවනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යළිත් වරක් අවධාරණය කර ඇත.
මේ වනවිට ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ සටන් විරාසයක් පවතින අතර, එම සටන් විරාමය අතරතුරේ හමාස් ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම ද සිදුවෙයි. තවත් 70 කට ආසන්න ඊශ්‍රායල ජාතික ප්‍රාණඇපකරුවන් පිරිසක් හමාස් ග්‍රහණයේ පසුවන අතර අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමාස් සංවිධානයට දන්වා ඇත්තේ ඔවුන් වහා නිදහස් කරන ලෙසටය. මෙය හමාස් සටන්කාමීන්ගේ දැඩි විරෝධයට හේතුවක් වී ඇතැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)