මකර ලේ ගස
Socotra Dragon Tree නැතහොත් ලේ වෑස්සෙන මකර ලේ ගස යනුවෙන් මෙය හදුන්වයි. මුලු ලෝකයටම වටින වදවීමේ තර්ජනයට ලක්ව ඇති රතු දත්ත පොතේ රතු පැහැයෙන් නම ලියැවී ඇති රතුපාට මකර ලේ ගස් පිහිටා ඇත්තේ යේමනයේ සොකොට්ට්රා යන දූපතෙයි.
සොකොට්ට්රා දූපතේත් ඉතා සීමිත ප්රදේශයක පමණක් මෙම ගස් පිහිටා ඇත. වෙනස්ම විදිහේ හැඩයකින් හා අලංකාරයකින් යුත් ඉතා විශාල ශාකයක් වන මෙය උසින් අඩි 30 ක් පමණ වන අතර අවුරුදු 600 ක් පමණ ආයු කාලයක් ඇත.
මෙම ගසට මේ නම ලැබී ඇත්තේම මෙහි කදින් වෑස්සෙන රතු පැහැති රුධිරයට සමාන පැහැයක් ඇති ශ්රාවයක් නිසාවෙනි. මෙම ශ්රාවය විශාල ඖෂධ ගුණයකින් යුක්ත වන බවද සොයාගෙන ඇත.
මෙම ශ්රාවය මගින් ආහාර ජීර්ණ පද්ධතිය, ආමාශය , බඩවැල් වල රෝග සුවකිරීමට මෙන්ම ස්වසන රෝග, ප්රති ඔක්සිකාරක, වේදනා නාශක සහ තුවාල සුව කිරීමට ද හැකි අරුම පුදුම ගසක් ලෙස මකර ලේ ගස හැදුන්වා දිය හැකිය.