ඉරාකයේ කාන්තාර හිමෙන් වැසී යයි



ඉරාකයේ අල්-අන්බාර් කාන්තාරය හිමෙන් වැසී ගොස් ඇති බව වාර්තා වේ.

ඉරාකයට බලපෑ දැඩි ශීත කාලගුණික තත්ත්වය හේතුවෙන් වයඹ දිග ඉරාකයේ අල් අන්බාර් කාන්තාරය හිම තට්ටුවකින් වැසී ගිය අතර, එවැනි කාලගුණයක් කලාතුරකින් කාන්තාර ප්‍රදේශයක දැක ගත හැකි ය.

කාන්තාරයේ විශාල ප්‍රදේශයක් පුරා හිම පතනය දක්නට ලැබෙන බව ඉරාක මාධ්‍ය වර්තා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - බැග්ඩෑඩ් නුවර )

RECOMMEND POSTS