ඕමාන් රජයේ පුරප්පාඩු 1,179 ක්



ඕමාන් රජයේ ආයතනවල පුරප්පාඩු 1,179ක්  ඇති බව කම්කරු අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

උපාධිධාරීන් සඳහා රැකියා 1,011, පශ්චාත් අධ්‍යාපන ඩිප්ලෝමා දරන්නන් සඳහා රැකියා 38 සහ අනිකුත් අධ්‍යාපන සුදුසුකම් ලබා ඇති පුද්ගලයින් සඳහා ඉතිරි රැකියා ප්‍රමාණය ලබාදීමට ඕමාන් රජය කටයුතු කරයි.

ඉහත සඳහන් කළ රැකියා සඳහා ලියාපදිංචි වීම මෙම නිවේදනය නිකුත් කළ දින සිට සති දෙකක කාලයක් සඳහා විවෘතව පවතින බව කම්කරු අමාත්‍යාංශය තහවුරු කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)

RECOMMEND POSTS