ගල්ෆ් අමාත්‍ය හමුවට සුල්තාන් සහභාගි වෙයි
ගල්ෆ් සහයෝගිතා සංවිධානයේ අමාත්‍යවරුන්ගේ 25වැනි රැස්වීමට ඕමාන් සුල්තාන්, හයිතම් බින් තාරික් සහභාගි වී ඇති බව වාර්තා වේ.
ගල්ෆ් සහායෝගිතා සංවිධානය නිකුත් කරන ලද තීරණ පසු විපරම් කිරීම, ඒකාබද්ධ ක්‍රියාමාර්ගවල වේගවත් කිරීමේ විධික්රම සහ ගල්ෆ් සහයෝගිතා සංවිධානයේ නායකයින් විසින් නියම කරන ලද අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
දෝහා හි පැවති මෙම රැස්වීමට ඕමාන් දූත පිරිස නියෝජනය කළේ අමාත්‍ය මණ්ඩලයේ මහ ලේකම්, ෂෙයික් අල් ෆද්ල් මොහොමඩ් අල් හර්ති විසිනි.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - දෝහා නුවර)