බස්නැවතුම් 141ක් හදලා



ඩුබායි නගරයේ බස් නැවතුම් පොළවල් 141 ක් ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය ස්ථාපනය කර අවසන් කර ඇති බව වාර්තා වේ.

ඩුබායි නගරය පුරා බස් නැවතුම්පොළවල් 762ක් 2025 වර්ෂය අවසන් වීමට පෙර ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස බස් නැවතුම් පොළවල් 141ක ස්ථාපනය කර ඇත.

ඩුබායි හි පදිංචිකරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ පොදු ප්‍රවාහන යටිතල පහසුකම් දියුණු කිරීමට ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය හි කැපවීම නව බස් නැවතුම් පොළවල් ස්ථාපනය කිරීමෙන් පිළිබිඹු වන බව ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති, මටාර් අල්-ටයර් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS