රජය පෙරැළීම ඇමෙරිකන් සැලැස්මක්



කැරැලිකරුවන් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය පෙරළා දැමුවේ ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සැලැසුමකට අනුව බවත් එයට සිරියාවේ අසල්වැසියකුද වගකිව යුතු බවත් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කළේය.

අසාද් රජයේ බිඳ වැටීම පිළිබඳව ප්‍රථම වරට අදහස් දක්වමින් ටෙහෙරාන් නුවරදී ඉරාන අධ්‍යාත්මික නායකයා මෙම අදහස් පැවැසුවේය.

ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රධාන කුමන්ත්‍රණකරුවන් බවත් සිරියාවේ අසල්වැසියෙකුට එම කුමන්ත්‍රණයේ චරිතයක් හිමිව ඇති බවත් ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි එහිදී ප්‍රකාශ කළේය. ඉරාන බුද්ධි අංශ පසුගිය මාස තුන පුරාවට සිරියානු රජයට එහි ස්ථාවරත්වයට එල්ල වන තර්ජන ගැන අනතුරු ඇඟවූ බවද ඔහු පැවැසුවේය. නමුත් සිරියානු රජය සිය සතුරන් නොසළකා හැරි බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉරාකය, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය සහ තුර්කිය යන රටවල් සියල්ලම සිරියාව සමඟ දේශසීමා බෙදා ගනී. එම අසල්වාසීන්ගෙන්, තුර්කිය ඇතැම් සිරියානු විරුද්ධ බලවේගවලට දිගු කලක් තිස්සේ සහාය ලබා දී ඇත.


RECOMMEND POSTS