ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් තිදෙනකුට නිදහස



ඊශ්‍රායල රජය සහ ගාසා තීරයේ හමාස් සංවිධානය අතරේ පවතින සටන් විරාමය අතරතුරේ, තවත් සිරකරු හුවමාරුවක් සිදුවිය. එම සිරකරු හුවමාරුව යටතේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල ජාතිකයන් තිදෙනකුට නිදහස හිමිවිය.

හමාස් සංවිධානය මෙම ප්‍රාණඇපකරුවන් තිදෙනා ඊශ්‍රායල හමුදාවට බාර දී ඇත්තේ රතු කුරුස සංවිධානය හරහාය. මෙම තිදෙනාගේ දුර්වල කෙසඟ පෙනුම සම්බන්ධයෙන් ඊශ්‍රායල රජය කනස්සල්ල පළ කර ඇත. හමාස් සංවිධානය මොවුන් තිදෙනාට අමානුෂික ආකාරයෙන් සලකන්න ඇතැයි අනුමාන කෙරේ.

මෙම ඊශ්‍රායල ජාතිකයන් තිදෙනා නිදහස් කර ගැනීම වෙනුවෙන්, ඊශ්‍රායල රජය ඔවුන්ගේ අත්අඩංගුවේ පසුවුණු පලස්තීන සිරකරුවන් 183 දෙනකු නිදහස් කළ බව ද පැවැසෙයි. එම 183 දෙනා අතරේ ද කාන්තාවන් සහ කුඩා දරුවන් බොහෝ දෙනෙක් සිටිති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS