රුසියන් ජනපති පුටින් සිරියානු ජනපති අමතයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ සිරියාවේ නව අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි. ඒ දෙපාර්ශ්වයටම වැදගත් කරුණු කාරණා සම්බන්ධයෙන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රමුඛ රුසියන් රජය, බලයෙන් නෙරපූ සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ හිතවාදීන්ය. සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් සහ එරට සන්නද්ධ කණ්ඩායම් අසාද් පාලනය පෙරළා දැමීමට සටන් වදිද්දී, රුසියන් රජයේ හමුදාව සහාය දුන්නේ අසාද්ගේ රජයේ හමුදාවටය.
එසේ විපකෂ කණ්ඩායම්වලට සිරියානු රජය පෙරළා බලය අල්ලා ගැනීමට සහාය දුන් සටන්කාමීන්ගේ නායකයා වන්නේ අහ්මද් අල් ෂාරාය.
සටන්කාමීන් සහ විපක්ෂය බලය අල්ලා ගනිද්දී, ජනාධිපති අසාද් බිරිඳ සහ දරුවන් ද සමඟ පලා ගියේ රුසියාවය. අදවනවිට අසාද් රුසියාවේ ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින්නේ රුසියාවේ අනුග්‍රහය යටතේය.
සිරියාවේ රුසියන් හමුදා ගුවන් කඳවුරක් පිහිටුවා ඇත. මැදපෙරදිග කලාපයේ ඇති එකම රුසියානු හමුදා කඳවුර වන්නේ ද මෙයයි. රුසියන් රජය සහ හමුදාව විපක්ෂයට එරෙහිව, අසාද් රජයට සහාය දැක්වූයේ මේ කඳවුර නිසාය.
දුරකතන සන්වාදයේ දී රුසියන් ජනාපධිති පුටින් සහ සිරියානු අන්තර්වාර ජනාධිපති අහ්මද් අල් ෂාරා අතරේ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය. හමුදා කඳවුර දිගටම පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු විය. සිරියානු නව අන්තර්වාර රජයේ විදේශ අමාත්‍ය අසාද් අල් ෂයිබානීට රුසියාවට පැමිණෙන්නැයි ද රුසියන් ජනාධිපතිවරයා ඇරැයුමක් ද කළේය.
(ඒ.එෆ්.පී.)