ආර්යාව ගුරුදිනයට සුබපැතුම් එක්කරයි
ඕමාන් සුල්තාන්,හයිතම් බින් තාරික් අල් සයිඩ්ගේ ආර්යාව වන අසායිදා අහ්ඩ් අබ්දුල්ලා හමීඩ් අල් බුසයිඩි ගුරු දිනයට සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
“සෑම වසරකම පෙබරවාරි 24 වන දිනට යෙදෙන ගුරු දිනය නිමිත්තෙන් අපගේ ආදරණීය මව්බිමේ සියලුම පිරිමි සහ කාන්තා ගුරුවරුන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමු“යනුවෙන් ආර්යාව නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ සඳහන් කර ඇත.
“අපි ගුරුවරුන්ට අපගේ ස්තූතිය ප්රකාශ කරන අතරම, සිසුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම, උසස් වටිනාකම්, හැකියාවන් වැඩි දියුණු කිරීම මෙන්ම සමාජයට ධනාත්මක වෙනසක් ඇති කිරීමට විවිධ ආකාරයේ දැනුම ලබා දීම සඳහා ගුරුවරුන්ගේ නිරන්තර දායකත්වය අපි අගය කරමු“. සුබ පැතුම් පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ජානක ප්රියදර්ශන ජයතිලක
(GDNOnline - මස්කට් නුවර)