ව්‍යායාම කරන්න වයස් සීමාවක් නෑ



 

ඔබට අවුරුදු 20 ක වුවත් 60 ක් වුවත් ව්‍යායාම කිරීමට එය බාධාවක් නොවේ. සෞඛ්‍ය වර්ධනය කර ගනිමින් නිරෝගීව සිටින්නට නම්, සාමාන්‍ය ව්‍යායාමවල යෙදෙන අතරතුරේ සතියකට වරක් හෝ සති දෙකකට වරක් හෝ ඇරොබික්ස් ව්‍යායාමවල යෙදිය යුතුයි. යොවුන් වියේ දී පමණක් නොව මහලු වියේදීත් ව්‍යායාම සිරුරට ඉතා අවශ්‍ය වෙයි. නිරෝගීව සිටීමට කායික ශක්තියත ඔබ ලබා ගත යුතු වෙයි.

ඇමෙරිකාවේ ජෝර්ජ වොෂින්ටන්  විශ්ව විද්‍යාලයේ ව්‍යායාම විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ටොඞ් මිලර් මෙසේ කියයි. ‘ඔබට අවුරුදු 20 ක් වුණත් 60 ක් වුණත් කමක් නැහැ. හදවත නිරෝගීව තියා ගැනීමට සහ ශක්තිය වර්ධනය කර ගැනීමට මුළු සිරුරටම පරිපූර්ණ ව්‍යායාම ලබා දිය යුතු වෙනවා. එමගින් ඔබට නීරෝගීව සිfටීමට හැකි වෙනවා පමණක් නොවේ, ඔබේ බර පාලනය කර ගැනීමටත් හැකියාව ලැබෙනවා.’

ශක්තිය වර්ධනය කිරීමට කරන ව්‍යායාම දිනපතා ඉතා වැදගත් වන්නේ ඔබ ටිකෙන් ටික මහලු වියට පා තබද්දීය. ‘මහලු වියේදී බිය විය යුතු කරුණත් නම් වාරු නැතිව ඇද වැටීමයි. මහලු වියේ දී එසේ ඇද වැටීමක් වුවහොත් ඔබ එක්තැන්වීමේ අවදානමක් ද පවතිනවා. අස්ථි සහ මාංශපේෂීන් ශක්තිමත් කර ගැනීමට නම්, ව්‍යායාම දිගටම සිරුරට අවශ්‍ය වෙනවා’ ඔහු පැහැදිලි කරයි. පරිපූර්ණ අයුරින් ව්‍යායාම ලබා ගැනීම අවශ්‍ය වන්නේ මේ හේතුව නිසාය.

වසයට අනුව ගැලපෙන ව්‍යායාම තෝරා බේරා ගැනීම කළ යුතු යැයි ද මිලර් වැඩි දුරටත් පැහැදිලි කරයි. ‘ව්‍යායාම කිරීමට වයස් සීමාවක් නැති බව ඇත්ත. නමුත් නිසි වයසට අනුව ගැලපෙන අයුරින් ව්‍යායාම කිරීම කළ යුතුයි.’ යැයි මහාචාර්යවරයා වැඩි දුරටත් පැහැදිලි කර සිටී. ඇමෙරිකන් රජය විසින් ව්‍යායාම කිරීම් සම්බන්ධයෙන් සකසා ඇති නිර්දේශ අනුගමනය කරන්නේ අතලොස්සක් පමණක් යැයි මහාචාර්යවරයා කියයි.

45 හැවිරිදි වියෙහි පසුවන මිලර්, වොෂින්ටන් නුවර මිනිස් සිරුර සහ ව්‍යායාම සම්බන්ධයෙන් පර්යේෂණ රැසකට දායක වී සිටින්නෙකි. ඒ සම්බන්ධයෙන් පොත් රචනා කළ අයෙකි. ශක්තිමත් මාංශපේෂීන් තිබීම මහලු පුද්ගලයන්ට ආරක්ෂාවක් යැයි මිලර් පෙන්වා දෙයි. නමුත් ශක්තිය වර්ධනය කර ගැනීමට ව්‍යායාමවල නියැලීම කාටත් වැදගත් යැයි ද හෙතෙම කියයි. ‘පුද්ගලයන්ගේ මාංශපේෂී ප්‍රමාණය සහ ශක්තිය කෙමෙන් කෙමෙන් ක්ෂයවීම ආරම්භ වන්නේ අවුරුදු 30 සීමාව පසු කරද්දීයි. අවුරුදු 20 දී කළ හපන්කම් කිරීමට නොහැකි වෙයි. ඒත් එසේ මාංශපේෂීන් ක්ෂයවීම වළක්වා ගැනීමට න්‍යායාම වැදගත් වෙනවා. අප ව්‍යායාම කළ යුත්තේ එහෙයිනි.’ යැයි මිලර් කියයි.

ශක්තිය වර්ධන ව්‍යායාමවලින් අස්ථිවල ඝනත්වය වර්ධනය වෙයි. යටි පතුල් පොළොවට සමතලව බරට තබද්දී එය කශේරුකාව ශක්තිමත් කර ගැනීමට හේතු වෙයි. ‘දුවද්දී සිරුරට පහසුවක් දැනෙනවා නම්, දිවීම කරන්න’ යැයි මිලර් කියයි. තරුණන්‍ වුණත් මහලු වුණත් හන්දිපත්වලට එය අපහසුවක් ගෙන දෙනවා නම් එය නොකළ යුතුයි. එසේ නම් පහසු ක්‍රමය වන්නේ පා පැදියක් හෝ ටේ‍රඞ්මිල් උපකරණයක් භාවිත කිරීමය. ක්‍රමය කුමක් වුණත් ප්‍රධාන දේ වයසට ගැලපෙන අයුරින් දිගටම ව්‍යායාමවල යෙදීමයි යැයි මිලර් පෙන්වා දෙයි.


RECOMMEND POSTS