ඉරාන උත්තරීතර නායකයා කෝමා තත්ත්වයකට පත්වෙලා
දැඩි ලෙස අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන ඉරාන උත්තරීතර නායක 85 හැවිරිදි අයතුල්ලා අලී කමේනී, සිහිසුන් වී කෝමා තත්ත්වයක පසුවන බවත් ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.
අසාධ්‍ය ලෙස රෝගී වීමට පෙර, අයතුල්ලා අලී කමේනී, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස 55 හැවිරිදි ඔහුගේ පුතු මොජ්ටාබා කමේනී නම් කර බව ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වැඩි දුරටත් පවසා ඇත.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ඉරාන රජය පවසා ඇත්තේ තම උත්තරීතර නායකයා යහතින් පසුවන බවය. නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ එම පුවත පළ වෙද්දී, කමේනී ඉරානයේ රැඳී සිටින ලෙබනන් තානාපති හමුවී සාකච්ඡා පවත්වන ඡායාරූපයක් ද කමේනීගේ ‘එක්ස්’ සමාජ මාධ්‍ය ගිණුමේ පළ විය.
(එන්.ඩී.ටීවී.)