ඊශ්‍රායලයට චෝදනා: පාප්තුමා කනස්සල්ලෙන්



ගාසා තීරයේ පලස්තීනුවන්ට එරෙහිව ජන සංහාර සිදු කරනවා යැයි දිගින් දිගටම ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, වහා විමර්ශනයක් පැවැත්විය යුතු යැයි ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ අවධාරණය කරති.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලින් පලස්තීන වැසියන් විපතට පත් වීම සම්බන්ධයෙන් පාප්තුමන් මීට පෙර ද අවස්ථා ගණනාවකදී කනස්සල්ල පළ කර තිබුණි.

කෙසේ නමුත් ඊශ්‍රායලයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්විය යුතු යැයි පාප්තුමන් සිය හඬ අවදි කළ පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.

මේ අතර, පසුගිය සෙනසුරාදා (16) දිනයේ පමණක් ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගාසා වැසියන් ගණන 111 කි. මෙය ද පාප්තුමාගේ දැඩි කනස්සල්ලට හේතුවක් වූ බව වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS