පළමු ඩිජිටල් මුදල් ඒකකය



ලෝකයේ සාර්ථකම පළමු ඩිජිටල් මුදල් ඒකකය බිට්කොයින් Bitcoin ය. බිට්කොයින්  ලොවට හඳුන්වා දෙනු ලැබුවේ 2008 දී  සතෝෂි නකමෝටෝ Satoshi Nakamoto නම් පුද්ගලයා විසිනි. නමට අනුව, ජපන් ජාතිකයකු යැයි සිතුනත්, සතෝෂි නකමෝටෝ සැබෑ අයකු නොව අන්වර්ථ පුස්ගලයෙකි. ඩිජිටල් මුදල් ඒකකයක් ලෙස බිට්කොයින් හැදින්විය හැකි අතර සරලවම පැහැදිලි කළොත් රුපියල්, පවුම්, ඩොලර්, යුරෝ වගේම මුදල් ඒකකයක් ලෙස හැදින්විය හැකිය. අනිත් මුදල් ඒකක වලදී වගේම බිට්කොයින් Bitcoin වලත් වටිනාකම තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුමට අනුවය. සාමාන්‍ය භාවිතයේදී මෙය පහසුව සඳහා BTC යන කෙටි නාමයෙන් හඳුන්වයි.

Bitcoin භාවිතා කරන්නේ කොහොමද?

Bitcoin මුදල් අපට කිසිම විදිහකින් භෞතිකව ස්පර්ෂ කල නොහැකි දෙයකි. මෙමගින් අනෙක් මුදල් ඒකක මෙන්ම ගනුදෙනු කළ හැකි වුවද වෙනසකට ඇත්තේ ප්‍රායෝගිකව දැකිය නොහැකි වීමය. Credit / Debit කාඩ්ල තියන මුදල් මෙන් ගනුදෙනු සිදුකල හැක්කේ පරිගනක පද්ධති හරහා පමණි. Bitcoin අප එදිනෙදා භාවිතා කරන මුදල් වලට පරිවර්ථනය කිරීමට නම් BTC exchanger ආයතනයක් හරහාම සිදු කළ යුතු වෙයි.

Bitcoin වැඩකරන්නේ කොහොමද?

Bitcoin ක්‍රියා කරනු ලබන්නේ බ්ලොක්චේන් තාක්ෂණය හරහායි. බිට්කොයින් ජාලය එහෙමත් නැතිනම් බිට්කොයින් බ්ලොක්චේන් එක පවත්වාගෙන යනු ලබන්නේ ද බිට්කොයින් භාවිතා කරන අය විසින්මය. බිට්කොයින් තවත් කෙනකුට යවද්දී අතරමැදි පාර්ශ්වයක් අවශ්‍ය වන්නේ නැත. උදාහරණ ලෙස අප එදිනෙදා භාවිතාකරන මුදල් පිටරටක සිටින අයෙකුට යැවීමට නම් අතරමැදියෙකු වශයෙන් කුමන හෝ බැංකුවක් හරහා සිදුකල යුතු වුවද බ්ලොක් චේන් තාක්ෂණය හරහා සිදුකරන ගනුදෙනු සඳහා අතරමැදියන් අවශ්‍ය වන්නේ නැත. (අවශ්‍ය නම් අතරමැදියෙක් යොදාගැනීමට හැකිය) ගනුදෙනුව සිදුකරන දෙදෙනා හැර වෙන කිසිවෙකුට මේ ගනුදෙනුව ගැන දැන ගැනීමට නොහැක. සරළව කිවහොත් බිට්කොයින් බ්ලොක්චේන් හරහා අපගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන අපට ගණුදෙනු කිරීමේ හැකියාව ඇත. 

Bitcoin වටිනාකම

අද වන විට (2024 සැප්තැම්බර්) මෙහි වටිනාකම 63199.20 USD වන අතර මෙය ලංකාවේ මුදල් වලින් රු.19,238,651.74 (රුපියල් එක්කෝටි අනූ දෙලක්ෂ තිස් අට දහස් හයසීය පනස් එකයි ශත හැත්තෑ හතරයි) මුදලක් එකම එක Bitcoin එකක වටිනාකම වේ. ඩොලර් එකෙහි අගය අනුව මෙය වෙනස් වෙයි. 2010 වර්ශයේ මෙහි වටිනාකම $0.05 කි. රුපියල් වලින් කිවහොත් රුපියල් 5 ක් තරම් කුඩා අගයකි. Bitcoin වල අගය දිනෙන් දින වැඩිවෙන ආකාරය අපට දැකගත හැකි වෙයි. 

Bitcoin පොකට්ටුව

වර්ථමානය වන විට අන්තර්ජාලය හරහා රට රටවල් අතර ගනුදෙනු කිරීමට නැතුවම බැරි මුදල් ඒකකයක් බවට Bitcoin පත්ව තිබේ. අන්තර්ජාල මුදල් ඒකකයක් වන මෙය එක්‍ රැස්කර තබා ගැනීමට බිට් කොයින් පොකට්ටුවක් Bitcoin wallet එකක් නිර්මාණය කළ යුතුය. එය නිකම් අපි බැංකු ගිණුමක් ආරම්භ කර මුදල් තැන්පත් කිරීම හා සමාන වෙයි. මෙය ආරක්ෂිතව සැකසූ ඇප් එකක්වන අතර එම Bitcoin wallet සේවා ලබා දෙන ආයතන සහ සංවිධාන මේ වනවිට ලෝකය පුරා විශාල ප්‍රමාණයක් ඇත. ආයෝජනය සඳහා විශ්වාසනීය ආයතනයක් තෝරාගැනීම බිට්කොයින් පාරිභෝගිකයන් සතු වගකීමකි. බිට්කොයින් ගනුදෙනු පිළිබඳ දත්ත විස්තරාත්මකව bitcoin wallet හි සඳහන්‍ වෙයි

බිට්කොයින් මිලදී ගන්නේ කෙසේද?

ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් මඟින්ද මිලදී ගැනීම සිදුකළ හැකි වුවද මේ වනතුරු ලංකාවට එම පහසුකම ලබා දී නැත. එමනිසා ශ්‍රී ලාංකික ආයෝජකයකුට දැනට බිට්කොයින් මිලදීගත හැකිවන්නේ ඒවා හුවමාරු කරන (Exchange) ආයතනයක් හෝ සංවිධානයක් හරහා පමණි.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS