සාගරයේ ප්‍රචණ්ඩයා



මෙගලඩොන් පෘථිවිය මත එතෙක් මෙතෙක් වාසය කල දරුණුතම විලෝපිකයා ලෙස හැඳින්වේ. මෙගලඩොන් ලැමිනිෆෝම්ස් වර්ගයට අයත් මෝර විශේෂයකි.

වසර මිලියන 6 ත් 23 ත් අතර කාලයේදී ජීවත් වන්නට ඇතැයි සැක කරන සත්ව කොට්ඨාසයක් ලෙස මෙගලඩොන් මෝරා හැදින්විය හැකිය. මෙගලඩොන් යන්නෙහි තේරුම විශාල දත් ඇති සතා යන්නයි. මෙම මෝරාගේ දතක් සාමාන්‍යයෙන් අඩි 5-7 ප්‍රමාණයක් ගනී. වසර මිලියන 23 කට කලින් ජීවත් වූ සතකු වුවත් තවමත් මේ මෝර විශේෂය සාගර පතුලේ ජීවත් වන බවට සාගර ගවේශකයෝ අනුමාන කරති. මෙම සත්වයාගේ ශරීර ලක්ෂණ සහ විශාලත්වය තීරණය කර තිබෙන්නේ මෙගොඩලන්ගේ දත් පරීක්ෂා කිරීමෙනි.

මීට වසර මිලියන 2.6 කට පෙර ආදි ප්ලීයෝසීන යුගයේ දී සුපර් නෝවා පිපිරීම්වලින් පෘථිවියට බලපෑම් එල්ල විය. ප්‍රචණ්ඩ ආකාරයේ කාලගුණ විපර්යාසය සිදුවිය. එහෙයින් උණුසුම් ජලයට ප්‍රිය කරන මෙගලඩොන් අයිස් යුගයේදී මුහුදු ජලය සිසිලනය වීමත් සමඟ වදවී යන්නට ඇතැයි විද්‍යාඥයන්ගේ අදහසය.

මෙගලඩොන් පොසිල අවශේෂ දැනට සිටින මෝරුන්ගේ කොටස්වල ප්‍රමාණ සමඟ සංසන්දනය කර අනුපාතයක් ලෙස ඔහුගේ විශාලත්වය විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත. මොරුන්ගේ අස්ථිවලින් වැඩි ප්‍රමාණයක් කාටිලේජ වීම නිසා ඒවා පොසිලකරණය වන්නේ කළාතුරකිනි. එම නිසාම ඔවුන්ගේ පොසිල දත් වලට පමණක් සීමා වේ

 පිරිමි මෙගලඩොන් මෝරකු මෙට්‍රික් ටොන් 12.6 සිට 33.9 ක් දක්වා වර්ධනය වන අතර ගැහැනු සතකු මෙට්‍රික් ටොන් 27.4 සිට 59.4 දක්වා වර්ධනය වන අතර, දිගින් ගතහොත් පිරිමි සත්වයෙකු මීටර් 14.3 ක්ද ගැහැනු සත්වයකු මීටර් 17 ක් ද වර්ධනය වන බව සොයාගෙන ඇත. ​ මෙගලඩොන් මෝරුන්ගේ පිහිනුම් වේගය පැයට කිලෝමීටර 21 ට වඩා වැඩිය. එහෙයින්, මුහුදේ සිටින ලොකු කුඩා ඕනෑම මාලුවෙකු පපහසුවෙන් අභිබවා යා හැකිය.

මෙගලඩොන් මෝරකු අඩි 98 ක් දක්වා වර්ධනය විය හැකි බැවින්, සාමාන්‍ය නැවක් තරමට උන් විශාල වේ. රාත්තල් 40,960 ක් දක්වා බලයක් මොවුන්ගේ හකුවලින් නිකුත් කළ හැකි බැවින්, නිල් තල්මසකු පහසුවෙන්ම දෙකට කැඩීමට තරම් ශක්තියක් එම හකුවලට ඇත.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS