සුරතල් බළලා ඔබේ මාරයාය.
ඔබ බළලුන් සුරතල් කරන්නෙක්ද? එසේනම් ප්‍රවේශම්වන්න. මන්ද ඔබේ සුරතල් බළලා ඔබේ මාරයා විය හැකි බැවිනි.
බළලුන් තුරුලු කර ගැනීමෙන් ඔවුන් නාසයට ළංකර ගැනීමෙන්, ඔවුන් සිප ගැනීමෙන් හා ඔවුන්ගේ සීරීම්වලින් මිනිසාට ලෙඩ රෝග බෝවෙයි. ඒ ලෙඩ රෝග බොහෝ විට මාරාන්තික වෙයි.
මේ කරුණු අනාවරණය වන්නේ ඇමෙරිකාවේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය මගින් ඉතා පුළුල් වශයෙන් කරන ලද සමීක්ෂණයකිනි.
බළලුන් සහ ඉබාගාතේ යන සතුන් ඉතා ඉක්මනින් බැක්ටීරියා පැතිරවීමට සමත් බව එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. වසර අටක් තිස්සේ කරන ලද මෙම සමීක්ෂණයේදී බළලුන් සීරීමේ සිදුවීම් දහතුන් දහසක් පරීක්ෂණයට ලක් කර ඇත. බළලුන්ගෙන් ඇතිවන ආසාදනය උණුසුම් ප්‍රදේශවලදී ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන බවද මෙම පර්යේෂණයෙන් අනාවරණය වී ඇත.
එසේම වයස අවුරුදු පහත් නවයත් අතර දරුවන් අතර මෙම ආසාදන පැතිර යාමේ අවදානම වැඩි බවද අනාවරණය වී ඇත. තම කුඩා දරුවන්ට බළලුන් සිප ගැනීමට, තුරුළු කර ගැනීමට ඉඩ නොදීමට දෙමාපියන් වග බලා ගත යුතුයයිද
සුරතල් සතුන් වශයෙන් බළලුන් ඇතිකරන වැඩි හිටි අය පවා ඔවුන් අතපත ගෑමෙන් පසු විශබීජ නාශක යොදා අත් සෝදාගත යුතු බවද වෛද්‍යවරු පවසති.