සෙල්ෆි බෑ කියලා
ඉන්දියාවේ නිල සංචාරයේ නිරත වූ ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීම බොලිවුඩයේ සුපිරි ඛාන් ත්‍රිත්ත්වය වන ආමීර් ඛාන් , ෂාරුක් ඛාන් සහ සල්මාන්ඛාන් විසින් පප්‍රතික්ෂේප කර ඇතැයි බොලිවුඩයෙන් වාර්තා වේ.
ඊශ්‍රායල් අගමැති ගේ ඉන්දීය සංචරය අතරතුර එතුමා ට ලබා දුන් රාත්‍රී භෝජන සංග්‍රයකදී ඔවුන් තිදෙනා ඔහු මුණ ගැසීම ප්‍රතික්ෂේප කර ඇත.
පලස්තීනුවන් සදහා නෙතන්යාහු ගේ රජය සිදු කරන කෘර වද හිංසාවට හෙළා දකිමින් ඔවුන් තිදෙනා මෙම හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ.විශේෂයෙන් ම පලස්තීන ළමුන්ට සහ කාන්තාවන්ට කරන වද හිංසාව හේතුන් මත ඔවුන් තිදෙනා මෙම හමුවීම බැහැර කර ඇත
සුපිරි ඛාන් තත්‍රිත්ත්වය නෙතන්යාහු මුණ ගැසීම ප්‍රතික්ෂේප කළද බොලිවුඩයේ සුපිරි තරු පවුලක් වනඅමිතාබ් බච්චන් , අභිෂේක් බච්චන් සහ අයිශ්වර්යා රායි ඔහු හමුවී ඇත.
බච්චන් පවුලේ අය සිය හිතවතුන් සමගින් ඊශ්‍රායල් අගමැති සහ එම ආර්යාව සමග සෙල්ෆි ඡායාරෑප ගැනීමට අමතක නොකළේය.