සුව පහසු ගුවන් ගමනකට වැදගත් කරුණූ 10ක්



ගුවන් ගමනක් යනවා කිව්වහම පොඩ්ඩක් බය හිතෙනවා නේද? ඒත්, අපි යන්න හිතගෙන ඉන්න ගුවන් ගමන ගැන නිසි අවබෝධයක් තියනවා නම් එච්චර බය වෙන්න ඕන දෙයක් නෙමෙයි. 

පහතින් දක්වා ඇති කරුණු දහය ගැන ඔබත් සැලකිලිමත් වුනොත් එච්චර බයවෙන්න දෙයක් නෑ කියලා ඔබටම හිතෙයි. 

 

  • නිවැරදිව සැලසුම් කරගන්න

ගුවන්ගමන සැලසුම් කිරීම ඉතා වැදගත් කරුණක් වන අතර ගුවන් ගමනට පෙර ඒ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් ඔබ විසින් ලබාගත යුතු වේ.  
ආසන වෙන්කිරීමේදි සිට ගුවන් ගමන අවසන් වන තෙක් තමන් කැමති ආකාරයෙන් නිසි සැලසුමකින් යුත්තව කටයුතු කිරීම සුව පහසු ගුවන් ගමනක් සදහා ඉතාම වැදගත් වේ. 

 

  • විනෝද දේවල්

ඔබ වඩාත් කැමති දේවල් ගුවන්ගමන සමග රැගෙන යන්න. සමහරු පොත් කියවන්න කැමති, සින්දු අහන්න ආදි දේවල් වලට බොහෝ දෙනෙක් ඇල්මක් දක්වති. ගුවන් ගමනක් යනු මානසික වශයෙන් යම්  පීඩාකාරි තත්ත්වයක් ගෙන දෙන ගමනකි. එම පීඩාකාරිත්වය වලක්වා ගැනීම සදහා ඔබ වඩාත් අසා කරන දෙවල් මහත් පිටිවහලක් වනු ඇත.  

 

  • ඕන දෙයක් අහන්න බයවෙන්න එපා

ගුවන් ගමනක යෙදී සිටින ඔබ ගුවන් ගමන ගැන කිසියම් ප්‍රශ්නයක් ඇත්නම් හෝ යම්කිසි දෙයක් ගැන දැනගැනීමට අවශ්‍ය නම් එම අවස්ථාවේදිම දැනගැනීම ඉතා වැදගත් වේ. 

එසේ නොමැති වුවහොත් ඔබට මානසික වශයෙන් පීඩාකාරී තත්ත්වයක් ඇති කිරීමට හේතු වනු ඇත.

 

 

  • එකිනෙකා සමග සුහද කතාබස් වල යෙදෙන්න

ඔබ ගුවන්යානයේ ගමන් කරන විට ඔබ අසල වාඩිවී සිටින පුද්ගලයා හෝ පුද්ගලයින් සමග සුහද කතාබහක යෙදෙන්න (එකිනෙකාගේ එකඟතාවයන් මත). 

සමහර විට එය ඔබේ ජීවිතයේ මෙන්ම ගමන් කරන ගුවන් ගමනද පුදුමාකාර අත්දැකීමක් එක් කරනු ඇත.

 

  • කෙටි නින්දක 

ගුවන් ගමනකදී කෙටි නින්දක යේදීම ඉතා වැදගත් වේ. 

මානසික වශයෙන් නැවුම් ගතියක් ඇති කිරීම, ගුවන් ගමනේ ඉතිරි කොටස සතුටුදායි ආකාරයෙන් ගමන් කීරිමට උපකාරී වේ. 

 

  • කකුල් දිගහැර වාඩි වෙන්න

ගුවන්යානය තුල අසුන් ගන්නා විට ඉතා සුව පහසු ආකාරයෙන් නිවැරදි ඉරියව්වෙන් වාඩිවීම ඉතා වැදගත් වේ. 

ඔබ සුව පහසු ඉරියව්වකින් වාඩි නොවුනහොත් මස්පිඩු පෙරලීම වැනි තත්ත්වයන්ට ගොදුරවීම සහ  ලේගමනාගමනයට බාධා ඇතිවීමේ අවදනකමකට ඔබව පත්වෙනු ඇත. 

 

  • නියම වේලාවට යන්න

නියමිත වේලාවට විනාඩි 5ක් හෝ 10කට කලින් අදාල ස්ථානයට යෑම ඉතා වැදගත් වේ. 

අවශ්‍ය පරිදි ලිපි ලේඛන පරීක්ෂා කරගැනීම සහ යම් ප්‍රශ්ණයක් ඇති වුවහොත් ඒසදහා කලයුතු අවශ්‍ය කරන දේ ඉටු කරගැනීම සදහා ප්‍රමාණවත් කාලයත් ඔබ සතුව පවතියි.  

 

  • සුවපහසු ඇදුමක් අදින්න

ගුවන් ගමනකදී දිගු වේලාවක් ගමන් කිරීමට සිදුවන නිසා සුවපහසු ඇඳුමක් ඇදීම ඉතා වැදගත් වේ. හිර ඇඳුම් ඇදිම නිසා ඇතිවන ශාරිරික අපහසුතාවයන් වලක්වා ගැනීමට සුවපහසු ඇඳුමක් ඇදීම වඩාත් යෝග්‍ය වේ. 

 

  • ගමන්මල්ල නිවරදිව හදුනාගැනීමට සලකුණක් යොදන්න

ඔබ ගෙනියන ගමන් මල්ල අන් අයගේ ගමන්මලු වලින් නිවැරදි ආකාරයෙන් හඳුනාගානීම සදහා ස්ටිකරයක් හෝ විශේෂිත වු හදුනා ගැනීමේ සලකුණක් යොදා තිබීම ඔබේ ගමන්මල්ල ඉතා ඉක්මනින් හදුනාගැනීමට ඔබට හැකිවනු ඇත. 

 

 

  • අමතර දේවල් ටිකක් ගන්න

දිගු ගුවන් ගමනක යෙදෙනවා නම් වතුර බෝතලයක්, ඔබ වඩාත් කැමති කෙටි ආහාර කීපයක් සහ කුඩා ප්‍රමාණයේ neck rest උපකරණයක් රැගෙන යෑම ගුවන් ගමන වඩා සතුටින් ගමන් කිරීමට හැකි වේ.


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(අන්තර්ජාලය ඇසුරෙන්)

 


RECOMMEND POSTS