හිරු එළිය ශරීරයට හිතකරයි.



 

පෘථිවියේ ජීවය පහළ වීමට හේතු සාධක වුණ අප හිරු මනුෂ්‍ය අපට අහිතකර යැයි වෛද්‍ය මතයක් කාලාන්තරයක් තිස්සේ පැවැතිණි. හිරු කිරණවලට සෘජුව නිරාවරණය වීමෙන් වළකින්න. එය පිළිකා හට ගැනීමට හේතුවක් වේවි යන්න එම මතයයි. ‘අව්ව තපින්න යන්න හැබැයි පස්සේ පසු තැවෙන්න වේවි’ යැයි ඇමෙරිකන් පිලිකා සංගමය ජනතාව දැනුම්වත් කිරීමේ දැන්වීම් පවා පළ කර තිබේ.

චර්ම රෝග සම්බන්ධ පිළිබඳ ඇමෙරිකා ඇකඩමිය පෙන්වා දෙන්නේ නිරාවරණය වුණු සම හිරු කිරණවලට ලක් කිරීමෙන් වලකින්නැයි කියාය. වලාකුළුවලින් හිරු ආවරණය වී තිබුණත් සිරුර නිරාවරණය කර ගනිමින් එළියට බැසීමෙන් වළකින්නැයි ඔවුන් පෙන්වා දී තිබුණි. එළියට බසින්නේ නම් ‘සන් ක්‍රීම්’ වැනි ක්‍රීම් වර්ග සමට ආලේපනය කරන්නැයි එම ඔවුන් වැඩි දුරටත් පෙන්වා දී තිබුණි. ආහාර සහ ඖෂධ අධිකාරිය පෙන්වා දී තිබුණේ හිරුගෙන් නිකුත් වන අධෝරක්ත කිරණ විකිරණවලටත් වඩා මනුෂ්‍ය සමට අහිත කර බවය. මෙය අනිසි බියක් ඇති කිරීමට හේතු සාධක විය. හිරු එළිය ගැන අනිසි බියක් නිර්මාණය විය. එම හේතුව නිසා දෙමාපියෝ නිවසින් පිටවන තම දරු දැරියන්ගේ සිරුරේ දිනකට කිහිප වරක්ම හිරු එළිය වළකන ක්‍රීම් වර්ග තවරන්න වූහ.

පිළිකාවලින් බේරී සිටිය යුතු වුවත් අපගේ සිරුරට විටමින් ඩී අවශ්‍ය වෙයි. ආහාරවලින් ලබා ගන්නා ප්‍රමාණයට වඩා පහසුවෙන්ම විටමින් ඩී අපට ලබා ගැනීමට හැකිවන්නේ හිරු එළියෙනි. හිරු එළියට නිරාවරණය වීම සම්බන්ධයෙන් දශක ගණනාවක් තිසේසේ කළ අනතුරු ඇඟවීමත්, ඒ සමඟ හටගත් අනිසි බියත් හේතුවෙන් හිරු එළියෙන් වැළකී සිටි ඕස්ටේ්‍රලියානුවෝ අවාසනාවන්ත ලෙස අමාරුවේ වැටුණාහ. අද ඕස්ටේ්‍රලියාවේ වැඩිහිටියන්ගෙන් සියයට 31 ක් විටමින් ඩී ඌණතාව හේතුවෙන් රෝග රැසකට භාජන වී සිටින බව වාර්තා වේ. ඇතැමුන් අවාසනාවන්ත ලෙස මරණයට පත් වුණු අවස්ථා ද ඇත. විටමින් ඩී ඌණතාව හේතුවෙන් පවා පිළිකා වර්ග කිහිපයකට ඔවුහු ගොදුරු වූහ. ක්‍රීම් වර්ග භාවිත කිරීමේ දී සමට ලැබිය යුතු හිරු කිරණ සියයට 97 කින් වැළැකී යෑම මීට හේතුවක් විය.

 

සෞඛ්‍ය කටයුතු සම්බන්ධයෙන් අවංකව අදහස් ඉදිරිපත් කරන වෛද්‍ය පර්යේෂකයෝ අසත්‍ය මත පැතිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරති. හිරු කිරණ මිනිසාට අහිතකර නොවන බව ජනතාවට ඒත්තු ගැන්වීමට ඔවුහු මහන්සි වෙති. වසර ගණනාවක් තිස්සේ හිරු අපේ සතුරා යැයි පැවැති දුර්මතය වෙනස් කිරීමට මහන්සි ගනිමින්, ‘එළියට බැස්සාට වරදක් නැහැ. හිරු එළියෙන් ඔබට අහිතක් නැහැ’ යනුවෙන් වැඩසටහන් කිහිපයක් එළිදක්වා ඇත. හිරු එළියේ නිරාවරණය වෙද්දී ආලේපන වර්ග අඩුවෙන් භාවිතා කරන්නැයි ද උපදෙස් ලබා දී ඇත.

විටමින් ඩී අපේ සිරුරට ඉතා වැදගත් වෙයි. විටමින් ඩී යනු ඇත්තටම හෝමෝනයකි. කැල්සියම් සහ පොස්පරස් සිරුරට අවශෝෂණය වන්නේ එමගිනි. කැල්සියම් සහ පොස්පරස් අස්ථි ශක්තිමත්ව හා නිරෝගීව පවත්වා ගැනීමටත් මාංශ පේෂීන් හා ස්නායු ක්‍රියාකාරීත්වයට ඒවා අවශ්‍ය වෙයි. සෛල වර්ධනයට ද විටමින් ඩී අවහ්‍ය වෙයි. සෛල නිරෝගීව පවතින්නේ ද විටමින් ඩී හේතුවෙනි.

නිරෝගී වැඩිහිටියන් දෙදෙනකු සීත කාලයේදී සිරුරේ විටමින් ඩී ප්‍රතිශතය වැඩි කර ගැනීමට හැකි වීහ නිසා ප්‍රතිශක්ති සෛල වර්ධනය කර ගැනීමටත් ජාන 291 කින් වැඩි කර ගැනීමටත් හැකි වුණැයි නව අධ්‍යයනයකින් හෙළිදරව් වී ඇත. නිරෝගීව සිටීමට අවශ්‍ය පරිවෘත්තීය ක්‍රියාකාරකම් 80 කට වැඩි ප්‍රමාණයකට මෙම ජාන උපකාරී වෙයි. හානි වුණු ඩී.එන්.ඒ. පිළිසකර කිරීමට ද උදවු වෙයි. රෝගවලට ඔරොත්තු දෙන අයුරින් ප්‍රතිෂක්තිය වර්ධවය වීමත්, සෛල මියයෑම වැළැක්වීමටත් එය උදවු උපකාරී වෙයි.

විටමින් ඩී අඩු වීම දියවැඩියා රෝග තත්ත්වයන් දෙකකට හේතු සාධක වෙයි. සිරෝසිස්, ආතරයිටිස්, ක්‍රෝන් රෝගය, හෘද රෝග, හෘදයාබාධ ඇතිවීම, ආතතියථ ඇල්ෂයිමර්, පියයුරු පිළිකා, ඉන්8ුවන්සා පමණක් නොවේ, ක්ෂය රෝගය පවා ඇති වන්නේ විටමින් ඩී අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු වීමෙනි. ගර්භණී සමයේ දී විටමින් ඩී අඩුවීමක් සිදුවීම දරුවාගේ වර්ධනයට බාධාවක් වනු ඇත. උපදින දරුවන් විටමින් ඩී ඌණත්වයට ලක් වී ඇතිනම් ඔවුන් නොයෙක් නොයෙක් රෝගාබාධවලට ගොදුරු වෙයි.


RECOMMEND POSTS