බල්ලෝ ඉන්නවා නම් කොරෝනා අවදානම වැඩියි
නිවසේ බලු සුරතලුන් සිටින්නේ නම්, ඔබට ‘කොවිඞ් 19’ වයිරස ආවදානම වැඩි බවත් බළල් සුරතලුන් සිටින්නේ නම් ඔබට ‘කොවිඞ් 19’ වයිරස අවදානමෙන් මිදීමට හැකි බවත් බ්‍රිතාන්‍ය විද්‍යාඥයෝ පැහැදිලි කරති.
අගක් මුලක් නොදන්නා නමුත් ‘කොවිඞ් 19’ වයිරසය ක්ෂීරපායි සතුන්ගෙන් මිනිසුන්ට ආසාදනය වන කොරෝනා වයිරස පවුලට අයත් වයිරසයන් බව තහවුරු වී ඇති අතර, වයිරසයේ ජාන සැකැසුම හොඳින් අධ්‍යයනය කිරීමට ද විද්‍යාඥයෝ සමත් වී සිටිති.
ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සහ ‘මොඩර්නා’ ජෛව පර්යේෂණ සමාගම් සාර්ථක එන්නත් නිපදවා ඇතැයි පැවැසෙන්නේ ද ඒ අනුවය. මෙම එන්නත්වලින් සිදු කරන්නේ වයිරසයේ ජානමය කේත සිරුරට ඇතුළු කිරීමය. ඉන්පසු සිරුර තුළ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇතිවෙයි.
‘කොවිඞ් 19’ වයිරසය මිනිසුන්ගෙන් යළි නිවසේ සිටින බලු සුරතලුන්ටත්, ඉන්පසු වයිරසය විකෘති වී බලු සුරතලුන්ගෙන් යළි මිනිසාටත් ආසාදනය වීමේ අවදානමක් ඇති බව සිදු කළ පර්යේෂණ අනුව ලන්ඩන් විද්‍යාඥයන් අනාවරණය කර ඇත.
‘බල්ලන් මෙන් නොවෙයි, බලලුන් අපිරිසිදුයි. උන් මලපහ කරමින් ඒවා වසා දමනවා. බල්ලන් මෙන් නොවේ නිවසේ සාමාජිකයන් අතරේ වැඩිපුර ගැවසෙනවා. පුටු උඩ, ඇඳන් උඩ නිදා ගන්නවා. එසේ කරන්නේ විෂබිජ සමඟ. බළලුන් ඇති කරන නිවෙස්වල බොහෝ දෙනකුට බළලුන්ට ඇති වන වයිරස රෝගවලට ඔරොත්තු දීමක් ඒ අනුව ලැබෙනවා. නොදැනුවත්වම ආරක්ෂාවක් හිමිවෙනවා. ප්‍රතිශක්තියක් ලැබෙනවා. සියයට සියයක් තහවුරු වී නැහැ. ඒත් බළලුන් හරහා ‘කොවිඞ් 19’ ආසාදනය වීමක් සිදු නොවන්න පුළුවන්’ යැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති.
මේ අතර, යුරෝපා රටවලට ආවේණික වූ මුගටි පවුලට අයත් ‘මින්ස්ක්’ නමැති මුගටියන් ලක්ෂ ගණනින් මරා දැමීම සිදු කෙරේ. ඒ, මිනිසුන්ගෙන් මෙම මුගටියන්ට ‘කොවිඞ් 19’ ව්‍යාප්තවීම හේතුවෙනි. මරා දැමෙන්නේ ගොවිපොලවල ඇති කරන ‘මින්ස්ක්’ මුගටියන්ය. මෙම මුගටියන් ඇති කරන්නේ උන්ගේ ලොම් ලබා ගැනීමේ අරමුණ ඇතිවය.
‘ද සන්’ ඇසුරිනි