ප්‍රහාරකයා හදුනා ගැනෙයි



නවසීලන්තයේ ඕක්ලන්ඩ් ඉකුත් දා ප්‍රහාර එල්ල කළ ශ්‍රී ලාංකික ජාතිකය හඳුනාගෙන ඇත.

හෙතෙම අහ්මද් අතිල් මොහොමඩ් සම්සුදීන් නැමැති පුද්ගලයකු බවත් 32 වැනි පසුවන බව වාර්තා වේ. ඔහු නැගෙනහිර නගරයක් වන කාත්තන්කුඩියේ පදිංචිකරුවෙකි.

ශිෂ්‍ය වීසා මත හෙතෙම 2011 වසරේ දී නවසීලන්තයට ගොස් ඇති අතර තමන් සහ තමන්ගේ පියා ශ්‍රී ලංකාව තුළ දී විවිධ ප්‍රශ්න හා ගැටලුවලට මුහුණ දෙන බව පවසා දේශපාලන රැකවරණ ඉල්ලා ඇත.

මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එම පුද්ගලයාගේ මව කවුරුන්දැයි සොයාගැනීමට ද පොලිසිය සමත්ව ඇත.

නවසීලන්තයේ මහාධිකරණයක් දුන් නඩු තීන්දුවක් හේතුවෙන් නවසීලන්ත පොලිසියේ විමර්ශන කටයුතු තරමක් අඩාල වී ඇතැයි ද වාර්තා වේ. ඔහුගේ අනන්‍යතාව සහ පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධ කිරීම වළක්වාලමින් එම මහාධිකරණය තීන්දුවක් දී තිබෙන ඒ හේතුවෙන් නවසීලන්ත පොලිසියේ විමර්ශන කටයුතු තරමක් අඩපණ වී තිබේ.

සම්සුදීන් ශිෂ්‍ය වීසා යටතේ 2011 වසරේ ඔක්තෝබර් මාසයේ දී නවසීලන්තයට පැමිණ ඇති අතර ඒ විගසම දේශපාලන රැකවරණ ඉල්ලා ඇත. ඔහුට 2013 වසරේ දෙසැම්බර් මාසයේ දී සරණාගත තත්ත්වය හිමි වී තිබේ. ඔහු නැවත ශ්‍රී ලංකාවට ගියහොත් ඔහුට හානියක් වේ යැයි කරුණ මත එලෙස සරණාගත තත්ත්වය ලබා දී තිබේ. තමන්ට හානියක් වනු ඇති බව තහවුරු කිරීමට ද සම්සුදීන් සමත්ව තිබේ.

කෙසේ නමුත් නවසීලන්තයේ සරණාගත කටයුතු සම්බන්ධ ආයතනය සම්සුදීන්ගේ සරණාගත තත්ත්වය අවලංගු කරන බව 2018 වසරේ මැයි 31 වැනිදා ඔහුට දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිත ව තිබේ. ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අන්තවාදී විඩියෝ පට සහ ඡායාරූප පළ කිරීමට ඊට හේතු වී තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශනය කර ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ කිසිවකු සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ ද යන්න ද මේ වනවිට සොයාබලමින් තිබේ.

සම්සුදීන් නැමැත්තා පාසල් අධ්‍යාපනය ලැබීම සඳහා 1998 වසරේ දී කාන්තන්කුඩියේ සිට කොළඹට  පැමිණ ඇති ඇත. සම්සුදීන්ගේ මවගේ තොරතුරු සොයාගැනීමට පොලිසිය සමත්ව ඇති අතර ඇය මේ වනවිට කාත්නන්කුඩියේ ජීවත් වෙමින් සිටින්නී ය.

සම්සුදීන් නැමැත්තා මෑතකදී සම්බන්ධ වූවන් ඇත්තේ කොළඹ බවට පොලිසිය විශ්වාස කරන අතර 2011 වසරේ දී නවසීලන්තයට යෑමට පෙර හෙතෙම කොළඹ දී සිය අධ්‍යාපන කටයුතු අවසන් කර ඇතැයි ද මේ වනවිට දැනගන්නට ලැබේ. ඒ 2011 වසරේ දී වන අතර එවිට ඔහුගේ වයස අවුරුදු 22කි.

සම්සුදීන් කොළඹ ප්‍රකට පෙළේ දෙමළ පාසලක ඉගෙනුම ලබා ඇතැයි මේ වනවිට සොයාගෙන තිබේ. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තමන්ට තවමත් තහවුරු කළ නොහැකි යැයි ද කොවිඩ්-19 වසංගත තත්ත්වය සහ පාසලේ සුළු සේවකයකුට වයිරසය ආසාදනය වී ඇති බැවින් ආදිශිෂ්‍යයන්ගේ වාර්තා ලබාගැනීමට නොහැකි වී ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම පාසලේ විදුහල්පතිවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට පැවැසීය.

(සන්ඩේ ටයිම්ස්)


RECOMMEND POSTS