‘ජී7’ කණ්ඩායමත් කනස්සල්ලෙන්
මැදපෙරදිග පවතින යුද ගැටුම් තත්වය උත්සන්න වීම සම්බන්ධයෙන් ජී. 07 රටවල් අනතුරු ඇගවීමක් සිදු කර ඇත.
ඒ අනුව, කඩිනමින් සටන් විරාමයකට එළඹිය යුතු බව එම රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරු සදහන් කර ඇත.
එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සදහා නිව්යෝර්ක් නුවරට පැමිණි සිටි අවස්ථාවේ පැවති සාකච්ඡාවකදී මෙම දැනුම් දීම සිදු කෙරුණු බව ද වාර්තා වේ.
සටන් විරාමයකට නොපැමිණියහොත් ප්රචණ්ඩ ක්‍රියා පාලනය කරගත නොහැකි තත්වයට උත්සන්න වීම හේතුවෙන් මැද පෙරදිග රටවලට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදිමට සිදු වනු ඇති බව ජී. 07 රටවල රාජ්‍ය නායකයින් සහ විදේශ අමාත්‍යවරුන් අනතුරු ඇඟවීම් කර ඇත.
(ඒ.එෆ්.පී.)