හමාස් නායක ඩෙයිෆ් ඝාතන තැත වරදී



හමාස් සංවිධානය පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහ මොළකරු වන මොහොමඞ් ඩෙයිෆ් ඉලක්ක කරමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයකින් 90 දෙනකු මියගොස් 248 දෙනකු තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මොහොමඞ් ඩෙයිෆ් ඝාතනය කිරීමේ අරමුණින් ගාසා තීරයේ නම් කර ඇති මානුෂීය කලාපයේ පිහිටි අවතැන්වූ අය සිටින කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රකාශ කර සිටියේ මොහොමඞ් ඩෙයිෆ් ඝාතනය කිරීම සඳහා මෙම ප්‍රහාරය එල්ල කළ නමුත් ඔහු ඝාතනයට ලක්වූ බවට තහවුරු කිරීමක් ඊශ්‍රායල හමුදා වෙත ලැබී නොමැති බවයි. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමේ ගිවිසුමකට එළඹීම සඳහා තව තවත් හමාස් සංවිධානය වෙත පීඩනය එල්ල කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මොහොමඞ් ඩෙයිෆ් ඝාතනය කිරීමේ බලාපොරොත්තුවෙන් ඊශ්‍රායල හමුදා අවතැන්වූ අය සිටින කඳවුරකට පහර දුන්නත් ඉන් මොහොමඞ් ඩෙයිෆ්ට කිසිඳු හානියක් සිදු නොවූ බව හමාස් සංවිධානය පැවැසුවේය.


RECOMMEND POSTS