සෞදියට ගහන්න හැදු අයකුට සිරදඩුවම්



ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වී සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ කුවේට් ජාතිකයෙකුට වසර 5ක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

අදාල කුවේට් ජාතිකයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදි සෞදි අරාබියට ප්‍රහාර එල්ල කිරීම සඳහා සැළසුම් කර ඇති බව අනාවරණය විය.

ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ISIS ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ වන ලෙස මෙම පුද්ගලයා උපදෙස් ලබාදී ඇති බවටද මෙම පුද්ගලයාට චෝදනා එල්ල වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS