සෞදිය සංචාරක කුරුල්ලන්ගෙන් පිරෙයි
සංක්‍රමණික මුහුදු පක්ෂීන් වර්ග 300 කට වැඩි ප්‍රමාණයක් සෘතුමය සංක්‍රමණය සඳහා ටබුක් වෙරළට පැමිණ ඇති බව වාර්තා වේ.
අවම වශයෙන් විශේෂ 80 ක් දැනටමත් වෙරළබඩ කලාපයේ වාසය කරන බව සෞදි ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.
වයඹ දිග සෞදි අරාබියේ කිලෝමීටර් 700 ක් දිග වෙරළ තීරය මුහුදු පක්ෂීන්ගේ සංක්‍රමණ සහ අභිජනන භූමියක් ලෙස සැලකේ.
වෙරළබඩ පරිසර පද්ධති සහ ජෛව විවිධත්වය සුරැකීම සඳහා මෙම මුහුදු පක්ෂීන්ගේ වැදගත් කාර්යභාරය හඳුනාගෙන පක්ෂීන් ආරක්ෂා කිරීම සඳහා සෞදිවනජීවී ජාතික මධ්‍යස්ථානය දැඩි නීතිරීති පනවා ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(Arabnewsරියාද් නුවර)