සිරියාවේ බලය අල්ලන්න විපක්ෂයට උදවු කළේ තුර්කිය



සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දමා රටේ බලය අල්ලා ගැනීමට එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සඑාය දුන්නේ තුර්කිය බවත්, තුර්කියේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් සතුට පළ කරන බවත් ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ට්‍රම්ප් මෙසේ කීවේ ෆ්ලොරීඩා ජනපදයේ ‘මාර් ආ ලාගෝ’ වතුයායේ පිහිටි සිය නිවාඩු නිකේතනයේ සිට මාධ්‍යවේදීන් අමතමිනි. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ ජනවාරි 20 වැනිදාය. ට්‍රම්ප් සිය විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කරමින් සිටිද්දී, සිරියාවේ තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු විමසීමක් කළහ. ට්‍රම්ප් තුර්කි රජයට ප්‍රශංසා කළේ එම අවස්ථාවේදීය.


RECOMMEND POSTS