ප්‍රාණඇපකරුවන් 34 ක් නිදහස් කරන්න හමාස් කැමැතියි
තම ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 34 දෙනකු නිදහස් කිරීමට හමාස් සංවිධානය කැමැත්ත පළ කර ඇත.
හමාස් සංවිධානයේ නියෝජිතයන් සහ ඊශ්‍රායල නියෝජිතයන් කටාර් රාජ්‍යයේ දෝහා නුවරදී හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙසේ එකඟත්වයක් ඇති කරගත් බව ද පැවැසෙයි. සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කළේ කටාර් රාජයයි.
කෙටි සටන් විරාමයකට ද කැමැත්ත පළ කෙරුණු බවත්, ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 34 දෙනා වෙනුවෙන්, ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීමට ද එකඟ විය.
කෙසේ නමුත් දෝහා සාකච්ඡා පැවැත්වෙද්දී පවා ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයේ පලස්තීනුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරමින් සිටී. ගතවුණු තෙදිනක කාලයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට ප්‍රහාර 100 කට වඩා එල්ල කළේ පලස්තීන වැසියන් 200 කට වැඩි පිරිසක් මරා දමමිනි. මියගිය වැඩි දෙනා කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි.
මේ අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඇමෙරිකා ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන්න යෑමට සූදානමින් සිටී. ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට වඩා ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට හිතවත්ය.
(ඒ.එෆ්.පී.)