පාවෙන රත්තරං



අම්බර නැතහොත්‍ ඇම්බර යනුවෙන් හදුන්වන්නේ තල්මසුන් ආහාරයට ගත් දෑ වලින් නොදිරන කොටස් තල්මසුන්ගේ ආමාශයේ කාලයක් තැම්පත් වී තිබී යම්කිසි රසායනික ක්‍රියාවලියකට ලක්වෙලා පසුව වමනය මගින් හෝ ගුදමාර්ගයෙන් මළ ද්‍රව්‍ය ලෙස පිටකරන දෙයකි.මෙය පාවෙන රත්තරං ලෙස හදුන්වන්නේද මෙයි ඇති වටිනාකම නිසාය.

මෙම ඇම්බර් ප්‍රධාන වශයෙන්ම යොදා ගනු ලබන්නේ ඉතා ඉහල කල් පවතින සුවදකින් යුතු සුවද විළවුන් නිෂ්පාදනය වැනි රූපලාවන්‍ය කටයුතු සදහායි. මෙම ඇම්බර් කිලෝ එකක් සාමාන්‍යෙයන් මිලියන දෙකක් පමණ වේ. ඉතාමත් වටිනා සුවඳ විලවුන් නිශ්පාදනය සදහා මෙම ඇම්බර් ඩුබායි නගරය, ජර්මනිය වැනි රටවල් ඉතාමත් ඉහල මිලකට මිලදීගනු ලබයි.

සත්වයින් විසින් නිෂ්පාදනය කරනු ලබන ඇම්බර් විෂේශ කීපයක් තිබේ. මූලිකව ගත්තොත් ඩයිනෝසරයන්, තල්මසුන් අතර මේවා ගොඩක් ප්‍රසිද්ධ වන අතර තල්මසුන්ගේ මූලිකව ඇම්බර් වර්ග දෙකක් හදුනාගෙන තිබේ. එකක් ඔවුන් ආහාරයට ගන්නා දැල්ලන් විෂේශවල පොතු සහ ගොරෝසු සමක් ඇති මත්සයින් ආහාරයට ගැනීම සහ මුහුදේ පාවෙන හෝ ගිලී පවතින විවිධ ද්‍රව්‍ය ආහාරයට ගැනීමෙන් ඒවායේ නොදිරන කොටස් ආමාශය තුලදී එන්සයිම සමග රසායනිකව ප්‍රතික්‍රියා කර ඉන් පසු ඔවුන්ගේ අපහසුතාවත් සමග මෙම ඇම්බර් ග්‍රීස් යන අපද්‍රව්‍යය ඔවුන් වමාරා බැහැර කරනු ලබයි.

මේ ඇම්බර් පිළිබද නාවිකයන් සහ නාවික ගමනාගමනය පිළිබඳ හදාරණ පුද්ගලයින්ට ඇම්බර් හා සාගරයේ ඇති වටිනාකමින් යුතු ද්‍රව්‍ය යනුවෙන් වෙනමම පාඩම් වශයෙන් ඒ සම්බන්දව හදුන්වා දෙනු ලැබේ.තවත් ඇම්බර් විෂේශයක් තිබේ. එම ඇම්බර් විෂේශය මගින් තල්මසාට ජීවිතය පවා අහිමිවෙන අවස්ථා බහුලවම දැකගත හැකිය. මේවා වර්ධනය වන්නේ තල්මසාගේ නාස් විවරය මතයි. නාස් විවරයෙන් ශ්‍රාවයවන විවිධ ලිහිසිකාරක දියර හා මුහුදු ජලයේ ආම්ලික තාවය මගින් නාස් විවරය මත මෙම විෂේශය Cancer එකක් හා සමානව වර්ධනය වී නාස් විවරය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි වර්ධනය වෙනවා. එවිට තල්මසා මියයන්නේ ආශ්වාස ප්‍රාශ්වාස කිරීමට නිහැකිවීම හේතුවෙනි. එමද්‍රව්‍යද ඉතාමත් වටිනාකමකින් යුක්ත ද්‍රව්‍යය වන අතර මේවා ගලවාගැනීමට සමහර ධීවරයන් විසින් තල්මසුන් මරා දමයි. නමුත් මනුශ්‍යයන් විදිහට අප කල යුත්තේ හුස්ම ගැනීමට අපහසු තල්මසුන් හට උපකාර කිරීම පමණි.

ජයනි සිතාරි අල්විස්
අන්තර්ජාලය ඇසුරිනි.

RECOMMEND POSTS