සිරියන් විදේශ ඇමැති කටාරයේ



සිරියානු නව රජයේ විදේශ අමාත්‍ය අසාද් හසාන් අල් ෂයිබානී, නිල සංචාරයක් ආරම්භ කරමින්, කටාර් රාජ්‍යයට පැමිණ සිටී.

කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමද් බින් අබ්දුල්රහ්මාන් බින් ජසීම් අල් තානී හමුවීමෙන් පසු සිරියානු විපක්ෂයේ එකමුතුවෙන් පිහිටුවූ සිරියානු නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය.

සිරියානු විපක්ෂය, බෂාර් අල් අසාද් පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ බලය අල්ලා ගත්තේ, සිරියානු සටන්කාමීන්ගේ සහාය ඇතිවය. එම සටන්කාමීන්ට නායනත්වය දෙන අහ්මද් අල් ෂාරා සිරියාවේ නිල නොවන නායකයා වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS