ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ 140 ක් මරුට
ඊශ්‍රායල හමුදා දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මේවනවිට පලස්තීන වැසියන් 140 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා පැවැසුවේ, පැය 24 ක් ඇතුළත පලස්තීනුවෝ 61 දෙනෙක් මියගිය බවය.
ඊශ්‍රායලය මෙසේ ගාසා තීරයට පහර දෙන්නේ, ඊශ්‍රායල බලධාරීන් සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වෙද්දීය.
(ඒ.එෆ්.පී.)