සිරියාවේ ඡන්දයක් තියන්න අවුරුදු 4 ක් යාවි
සිරියාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නම්, තවත් වසර හතරක් ගතවේවි යැයි එරට විපක්ෂයට බලය අල්ලා ගැනීමට සහාය දුන්, ‘තහ්රීර් අල් ෂාම්’ සටන්කාමීන්ගේ නායක අහ්මද් අල් ෂාරා පවසයි. සිරියාවේ නිල නොවන නායකයා ලෙස පිළිගැනෙන්නේ අහ්මද් අල් ෂාරාය.
මීට සති තුනකට පමණ පෙර, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනය පෙරළා දැමීමෙන් පසු සිරියාවේ මැතිවරණයක් පැවැත්වීම කෙසේ සිදුවන්නේදැයි බොහෝ දෙනාගේ උනන්දුව යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් අහ්මද් අල් ෂාරා අදහස් දැක්වීමක් කළ පළමු අවස්ථාව මෙයයි. අහ්මද් අල් ෂාරා, මෙසේ අදහස් දැක්වීමක් කළේ අල් අරාබියා පුවත් සේවයට සම්මුඛ සාකච්ඡාවක් දෙමිනි.
‘මැතිවරණයක් පැවැත්වීමට නම්, රටට අලුත් ව්‍යවස්ථාවක් ඕනෑ. අලුත් ව්‍යවස්ථාවක් සකස් කරන්න නම් සියලුම දේශපාලන කණ්ඩායම් එක් වී එකමුතු විය යුතුයි. ඡන්දය භාවිතයට සුදුසුකම් ලබන්නේ කවුරුන්දැයි සංගනනයක් කළ යුතුයි. ඒකට කල් ගත වේවි. අඩුම තරමින් අවුරුදු හතරක් යාවි’ යැයි අහ්මද් අල් ෂාරා අල් අරාබියා පුවත් සේවය ඔස්සේ පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)