ප්‍රංශ - ජර්මන් විදෙස් ඇමැතිවරු සිරියාවේ



ප්‍රංශ විදෙස් ඇමති ජෝන් නොඑල් බැරට් සහ ජර්මන් විදෙස් ඇමැති ඇනලේනා බෙයාබ්‍රොක් සිරියාවේ නිල සංචාරයකට පැමිණියහ.

ඔවුන් සිරියාවේ නිල නොවන සන්නද්ධ නායක අහ්මඩ් අල් ෂාරා හෙවත් මොහොමඩ් අල් ජුලානී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

අසාද් පාලනය පෙරළා දමා සිරියානු විපක්ෂ කණ්ඩායම් බලයට පත් වීමෙන් පසු යුරෝපා සංගමයට අයත් ප්‍රබල රටවල් දෙකක විදෙස් අමාත්‍යවරුන් සිරියාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS