සිරියාවට අරාබි රටවල් 9 ක් සහාය දෙයි



සිවිල් යුද ගැටුම් හේතුවෙන් 'හුදෙකලා' කරනු ලැබූ සිරියාවට අරාබි රටවල් 9 ක් සහාය ලබා දීමට තීරණය කර ඇත.

සිරියාව යළි ආරබි ලීගයේ සාමාජිකයකු කර ගැනීමට මෙම අරාබි රටවල අනුමැතිය හිමිවී ඇතැයි ද පැවැසෙයි.

බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය, ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දාන නියෝජනය කරමින් නියෝජිතයන් සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් හමුවී සාකච්ඡා පැවැත්වූ බව ද වාර්තා වේ.

සිරියාව යළි අරාබි ලීගයේ සාමාජිකයකු කර ගැනීමට මැදිහත් වී කටයුතු කරන්නේ සෞදි අරාබියයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS