සිරියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සකච්ඡා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සිරියාව සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරගැනීමට කටයුතු කරන බව වාර්තා වේ.

එමිරේට්ස් විදේශ කටයුතු අමාත්‍ය, ෂෙයික් අබ්දුල්ලා බින් සයීඩ් අල් නහියන් සිරියානු විදේශ කටයුතු සහ විදේශිකයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය ෆයිසාල් මෙක්දාද්ව පිළිගෙන රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත් වා ඇත.

දෙරටට වැදගත් වන කරුණු රාශියක් සාකච්ඡා කර ඇති අතර, සහයෝගිතාවය ශක්තිමත් කරගැනීමට අවශ්‍ය ක්‍රමෝපායන් පිළිබඳව සාකච්ඡා කළ බව එමිරේට්ස් ප්‍රවෘත්ති එජන්සිය වාර්තා කරයි.

විශේෂයෙන් මැද පෙරදිග කලාපීය සහ ජාත්‍යන්තර වර්ධනයන් පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - අබුඩාබි නුවර)

RECOMMEND POSTS