සතියකට ගුවන්ගමන් වාර හතරක්



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ජාතික ගුවන් සමාගම වන එතිහාඩ් ගුවන්සමාගම සතියකට ගුවන් ගමන් වාර හතරක් ඉන්දියාවේ ජායිපූර් වෙත ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ගුවන් ගමන් ආරම්භ කිරීම උත්සවාකාරයෙන් සැමරීමට ජායිපූර් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කටයුතු කර තිබු බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

සැලකිය යුතු සංස්කෘතික හා වාණිජ මධ්‍යස්ථානයක් වන ජායිපූර් වෙත සතිපතා ගුවන් ගමන් වාර හතරක් ආරම්භ කිරීමට ලැබීම ගැන අපි සතුටට පත්වන බව එතිහාඩ් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ටනොඇල්ඩෝ නෙවෙස් ප්‍රකාශ කළේ ය.

ගුවන් ගමන් සඳහා ඒ320 ගුවන්යානා පවුලේ ගුවන්යානා යොදා ගනියි.

ගුවන් සමාගම පසුගිය මාස 12 තුළ සිය ධාරිතාව තුනෙන් එකකින් වැඩි කර ඇති අතර,  ඉන්දීය වෙළඳපොළට එතිහාඩ් ගුවන් සමාගමේ ඇති දැඩි කැමැත්ත මෙම ගුවන්ගමන් ආරම්භ කිරීමත් සමඟ තහවුරු වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - ඩුබායි නුවර)

RECOMMEND POSTS