යුධ ගිනි මැද බොක්සිං ගහන දැරියන්



ඊශ්‍රායල-පලස්තීන යුධ ගැටුම් මැද බොක්සිං  පුහුණුවීම්වල නිරත වන ගැහැණු දරුවන් පිරිසක් පිළිබඳව වාර්තා වේ.

සියළු දේ යුද්ධය නිසා අහිමි වී ගියත්, කිසිදු උපකරණයක් නොමැතිව සිය පුහුණුවීම්වල නිරතවීමට මෙම ගැහැණු දරුවන් කටයුතු කරයි.

අනාථ කඳවුරුවලට වී කාලය ගත කිරීමට ඉඩනොදී ගැහැණු දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය කරමින් පුහුණුවීම් කටයුතු සිදුකිරීම සඳහා බොක්සිං පුහුණුකරුවකු වන ඔසාමා අයුබ් සිය උපරිම උත්සහය දරයි.

"ඔවුන් පාරට බහින්න පටන් ගත්තා. රෑට එළියට යන්න පටන් ගත්තා. ඔවුන්ගේ පෞරුෂය ගොඩක් ශක්තිමත් වුණා, ඔවුන්ගේ පවුල්වල අය පවා ඔවුන් ශක්තිමත් බව දැනගත්තා." බොක්සින් පුහුණුකරු පැවසීය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(GDNOnline - ජෙරුසෙලම)


RECOMMEND POSTS