මිලියන 22.2 ක වෛද්‍යාධාර දෙයි



2023 වසරේ සිය වෛද්‍ය ආධාර ඉහළ නංවමින් රෝගීන් 1,106 දෙනෙකුට සෞඛ්‍ය සේවා ලබාදීම සඳහා ඩිනාර් මිලියන 22.2 මුදලක් සාජා චාරිටි ඉන්ටර්නැෂනල් ආයතනය වියදම් කර ඇති බව වාර්තා වේ.

තම වෛද්‍ය ප්‍රතිකාර වියදම් පියවා ගැනීමට නොහැකි මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන රෝගීන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මහජන ආධාර වැඩසටහන් 2023 වසරේදී පුළුල් කිරීමට සාජා චාරිටි ඉන්ටර්නැෂනල් ආයතනය කටයුතු කළ බව එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ, අබ්දුල්ලා සුල්තාන් බින් ඛාඩිම් ප්‍රකාශ කළේ ය.

වෛද්‍ය වියදම් පියවා ගැනීමට නොහැකි රෝගීන් සඳහා ආධාර වැඩසටහන් ඉදිරියේදි පුළුල් කරන බව විධායක අධ්‍යක්ෂ, අබ්දුල්ලා සුල්තාන් බින් ඛාඩිම් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - සාජා නුවර)

RECOMMEND POSTS