භාණ්ඩ ප්‍රවාහනය තහනම් කරයි



කුවේටය තුළ යතුරුපැදි භාවිතයෙන් සිදුකරන භාණ්ඩ ප්‍රවාහනය පෙ.ව 11.00 සිට ප.ව 04.00 දක්වා තහනම් කර ඇති බව වාර්තා වේ.

2024 අගෝස්තු මාසය අවසන් වනතුරු අදාල තහනම ක්‍රියාත්මක වන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

තහනම කඩකරන පුද්ගලයින්ට දඩුවම් ලබාදෙන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS