බැරල් බිලියන 3.2ක යෝධ තෙල් නිධියක්



කුවේටය බොර තෙල් බැරල් බිලියන 3.2ක යෝධ තෙල් නිධියක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

එම තෙල් නිධිය කුවේට් ෆයිලකා දූපතේ අල්-නොකතා ප්‍රදේශයේ පිහිටා ඇති බව කුවේට් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ ය.

මුලික ඇස්තමේන්තු ගත ප්‍රදේශය වර්ග කිලෝමීටර් 96ක් පුරා තෙල් නිධිය පැතිරී පවතින බවත්, මෙම තෙල් නිධිය වසර තුනක රටේ සමස්ත නිෂ්පාදනයට සමාන බව ඛනිජ තෙල් සංස්ථාවේ ප්‍රධාන විධායක ෂෙයික් නවාෆ් සවුද් නසීර් අල් සබා පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDNOnline - කුවේට් නගරය)

RECOMMEND POSTS